ටෙනිස් පිටියට සමුදුන් ලෝක පූජිත රෆායල් නඩාල්…

ස්පාඤ්ඤ සුපිරි ටෙනිස් ක්‍රීඩක රෆායල් නඩාල් සිය වෘත්තීය ටෙනිස් දිවියට සමුදී තිබේ.

ඒ, මෙවර ඩේවිස් කුසලාන ටෙනිස් තරගාවලියෙන් ස්පාඤ්ඤයට ඉවත් වීමට සිදු වීමත් සමගයි.

ඩේවිස් කුසලාන ටෙනිස් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේදී ස්පාඤ්ඤයේ ප්‍රතිවාදීන් බවට පත්වුණේ නෙදර්ලන්තයයි.

රෆායල් නඩාල්, කාලෝස් අල්කරේස්, මාර්සෙල් ග්‍රානොලර්ස් මෙහිදී ස්පාඤ්ඤ කණ්ඩායම නියෝජනය කළේ ය.

සුපිරි ටෙනිස් ක්‍රීඩක ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් තරගාවලියේ පිරිමි කේවල අර්ධ අවසන් පූර්ව වටයේදී තරග කළේ නෙදර්ලන්තයේ බොටින් වැන්ඩර් ෂැන්සුප් සමගයි.

එම තරගය වට 2ට 0ක් ලෙස නඩාල්ට පරාජය වීමට සිදුවිය.

පසුගිය ඔක්තෝබර් 10 වැනි දා රෆායල් නඩාල් නිවේදනය කළේ, ඩේවිස් කුසලාන ටෙනිස් තරගාවලිය ඔහුගේ වෘත්තීය ටෙනිස් දිවියේ අවසන් තරගාවලිය වනු ඇති බවයි.

2001 වසරේදී සිය වෘත්තීය ටෙනිස් දිවිය ආරම්භ කළ නඩාල් ග්රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතා 22ක් දිනා සිටියේ ය.

කලක් ලෝක ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ රැඳී සිටි ඔහු සිය වෘත්තීය දිවියට සමුදෙන්නේ ලොව දෙවැනි සාර්ථකම ටෙනිස් ක්‍රීඩකයා ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form