ඩොලර් සංචිත බිලියන හයට ගෙනාවා.. ණය ශ්‍රේණිගත කිරීම් ඉහල දැම්මා.. කොටස් වෙලදපල උඩ දැම්මා.. තව සහන දෙනවා..

ඉතා කෙටි කාලයක් තුළ හිතුවාටත් වඩා වේගයෙන් රටේ ආර්ථිකය නැගිට්ට බව මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් පැවසූ බව වැවිලි කර්මාන්ත අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරයි.

ඩොලර් බින්දුවක්වත් නැතිව රට බංකොළොත් වූ රටක් ඩොලර් බිලියන 6 දක්වා තම ආණ්ඩුව යටතේ පැමිණිමට හැකියාව ලැබුණු බවද ඒ මහතා පවසයි.

වත්මන් ආණ්ඩු රට භාරගනිද්දී තිබුණේ ණය ශ්‍රේණිගත කිරීම්වල ඍණ අගයක බවත් දැන් එය එතනින් ඉහළට ඔසවා ඇති බවද හෙතෙම පෙන්වා දෙයි.

අද වන විට කොටස් කොළඹ කොටස් වෙළඳපොලද වේගයෙන් ඉහල යමින් ඇති බවද ඇමැතිවරයා කියා සිටී.

රට තුළද යම් යම් දේවල මිල අඩුවී ඇති බවත් යම් යම් ක්ෂේත්‍රවල සහනයක් ලැබී ඇති බවත් ඔහු පැවසුවේ බදුල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

ඉදිරි අයවැයෙන්ද ජනතාවට සහන ලැබෙනු ඇති බවත් ඒ මහතා එහිදී වැඩිදුරටත් පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form