තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

‘බෙලිඅත්තේ සනා’ නමැති මෙම සැකකරු ඊයේ (01) දිනයේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

විදෙස් රටක සිට ශ්‍රී ලංකාවට රැගෙන විත් ප්‍රවාහනය සඳහා සූදානම් කර තිබූ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 700කට අධික ප්‍රමාණයක් තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී පසුගියදා පොලිසිය විසින් සොයා ගනු ලැබීය.

‘උනාකුරුවේ ශාන්ත’ නමැති විදෙස්ගත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට අයත් බව කියන මෙම මත්ද්‍රව්‍ය තොගය බෙදාහැරීමේ ජාවාරම් කටයුතුවල නිරත වූ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විසින් විශේෂ මෙහෙයුමක් මේ වන විට ක්‍රියාත්මක කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form