තංගල්ල උණාකූරුව ප්‍රදේශයේ අඹුසැමි යුවළක් වෙඩි තබා ඝාතනය කෙරේ

තංගල්ල උණාකූරුව ප්‍රදේශයේදී අද (18) පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ.

තංගල්ල උණාකූරුව ප්‍රදේශයේ කපුහේන හන්දිය ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇත.

අද පස්වරු 6.55ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර සිද්ධියෙන් අඹු සැමි යුවලක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 68 සහ 59 වියේ පසුවන අඹුසැමි යුවළකි.

සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ උණාකූරුවේ ශාන්ත නැමැති පාතාල කල්ලි සාමාජිකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාලයේ ක්‍රියාකාරිකයාගේ ඥාතීන් බවත් වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form