තවත් රොත්තක පට්ටම් ගැලවෙයි.. ඇමතිලාත් ඒ අතර.. ෆේස්බුක් සටහන් තරගෙට මකති..

පාර්ලිමේන්තුවේ සිටින තවත් මැති ඇමතිවරුන් පස් දෙනෙකුගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් සැක මතු කර තිබේ.

ඒ අතර නාගරික සංවර්ධන නිවාස සහ ඉදිකිරීම් ඇමති අනුර කරුණාතිලක මහතාගේ ආචාර උපාධියත්, බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාගේ උපාධියත් ඇතුළු හය දෙනෙකුගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් ප්‍රශ්න කර ඇත.

ඒ අනුව එම පිරිසගේ අධ්‍යාපන සුදුසුකම් ගැන තොරතුරු දැනගැනීමේ පනත යටතේ තොරතුරු ලබා ගැනීමටද ඔවුන් කටයුතු කරයි.

මේ අතර ඇතැම් මන්ත්‍රීවරුන් තම සමාජ ජාල ගිණුම් වල සටහන් කර තිබූ යම් යම් අධ්‍යාපන සුදුසුකම් ඉවත් කිරීමටද පටන් ගෙන ඇති නමුත් එහි ඉතිහාසය නිරීක්ෂණය කිරීමේදී ඒවා මෑත දිනවලදී ඉවත් කර ඇති බව පැහැදිලිව පෙනී යන්නේ යයි විපක්‍ෂය චෝදනා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form