ත්‍රිකුණාමලය වරාය සංවර්ධනයට සැලසුම්

ත්‍රිකුණාමලය වරාය කේන්ද්‍ර කර ගනිමින් ශ්‍රී ලංකාව මුහුදු ගමන් කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව එහි සංවර්ධන කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට නියමිත අතර ඒ සඳහා සිරියානු රජයේ සහය ලබා ගැනීමටයි නියමිතව ඇත්තේ.

මේ සම්බන්ධයෙන් වරාය කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු සහ සිරියාවේ ගෞරවනීය , ආචාර්ය මව්සලාම් අල්ඩ්‍රව්බි සමග සාකච්ඡාවකදී අවධානය යොමුව ඇති අතර එහිදී ත්‍රිකුණාමලය වරාය සංවර්ධනය සහ එය ස්වාභාවික වරායක් වශයෙන් ඇති වැදගත්කම පිළිබඳව දීර්ඝ ලෙස අවධානය යොමුව තිබෙනවා.

මීට අමතරව කොළඹ වරායේ බහාලුම් හැසිරවීම පිළිබඳව ද සාකච්ඡාවට ලක්ව ඇති බව සඳහන්.

මෙම ක්ෂේත්‍රයේ වඩාත් වැඩිදියුණු කිරීම සඳහා ආයෝජකයින් හඳුන්වාදීමට කැමති බවද එහිදී මෙම සිරියානු නියෝජිතයින් නියෝජ්‍ය අමාත්‍යවරයා හමුවේ ප්‍රකාශ කර ඇති අතර ශ්‍රී ලංකාවේ නව Drydock ( ඩ්‍රයිඩොක් හෙවත් මුහුදු ජලාශ්‍රිත නොවූ රට අභ්‍යන්තරයේ වරායක්) සංවර්ධනය සඳහා ද සැලසුම් මේ වන විටත් සකස් කරමින් සිටින බවත්, ශ්‍රී ලංකාව මුහුදු ගමන් මධ්‍යස්ථානයක් (Maritime hub) බවට පත් කිරීම ප්‍රධාන ඉලක්කය බවත් එහිදී සඳහන් වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form