තුසිත හල්ඔලුව ලබන 20 වැනිදා දක්වා යළි රිමාන්ඩ්

ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙකුව සිටි තුසිත හල්ඔලුව මහතා, ලබන 20 වැනිදා දක්වා ඊයේ (13) යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

ඒ, ඔහු කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් රුපියල් හාර ලක්ෂ හැත්තෑ අටදහසකට අධික වටිනාකමින් යුත් ලැප්ටොප් පරිගණකයක් හා ජංගම දුරකතනයක් ඇතුලු භාණ්ඩ, සාවද්‍ය සාපරාධී පරිහරණය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව පසුගිය 30 වැනිදා ඔහු අත්අඩංගුවට ගැනිණ.

තුසිත හල්ඔලුව මහතා, ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළේ, 2017 – 2019 කාලසීමාවේයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form