දිස්ත්‍රික්ක 4කට තවදුරටත් නායයෑම් රතු නිවේදන

අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 04ක් සඳහා තවදුරටත් නායයෑම් රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළ කෝරළය, තුම්පනේ, මැදදුම්බර, අකුරණ, කුණ්ඩසාලේ, උඩුනුවර, දොළුව, උඩුදුම්බර, පාතහේවාහැට, හාරිස්පත්තුව, මිනිපේ, ගඟවට කෝරළය, පස්බාගේ කෝරළය, පන්විල, හතරලියද්ද, යටිනුවර, පාතදුම්බර, දෙල්තොට, පූජාපිටිය සහ උඩපළාත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබේ.

මීට අමතරව කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල, අරණායක, ගලිගමුව, රඹුක්කන, බුලත්කොහුපිටිය, යටියන්තොට, මාවනැල්ල සහ කෑගල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කර ඇති බව සඳහන්ය.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම, නාරම්මල, පොල්ගහවෙල, මල්ලවපිටිය, අලව්ව සහ මාවතගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද නායයෑමේ රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ඊට අමතරව මාතලේ දිස්ත්‍රික්කයේ යටවත්ත, මාතලේ, අඹන්ගඟ කෝරළය, පල්ලේපොල, ලග්ගල පල්ලේගම, රත්තොට, නාඋල, උකුවෙල සහ විල්ගමුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ඉවත් වීමේ රතු නිවේදන නිකුත් කර තිබේ.

අනතුරු ඇඟවීමේ මට්ටම 2 නිවේදන
——————————-
බදුල්ල දිස්ත්‍රික්කය – ඌව පරණගම, බණ්ඩාරවෙල, සොරණතොට, හාලිඇල, මීගහකිවුල, බදුල්ල, කන්දෙකැටිය, ඇල්ල, ලුණුගල, වැලිමඩ, හපුතලේ, හල්දුම්මුල්ල සහ පස්සර

කෑගල්ල දිස්ත්‍රික්කය – දැරණියගල, දෙහිඕවිට සහ රුවන්වැල්ල

නුවරඑළිය දිස්ත්‍රික්කය – කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර, හඟුරන්කෙත, මතුරට, අඹගමුව, නොර්වුඩ්, වලපනේ, නිල්දණ්ඩාහින්න, තලවාකැලේ සහ නුවරඑළිය


අනතුරු ඇඟවීමේ මට්ටම 1 නිවේදන
——————————-
කොළඹ දිස්ත්‍රික්කය –  සීතාවක, පාදුක්ක

ගම්පහ දිස්ත්‍රික්කය – අත්තනගල්ල,  මීරිගම, දිවුලපිටිය

කළුතර දිස්ත්‍රික්කය – හොරණ, බුලත්සිංහල, ඉංගිරිය

රත්නපුර දිස්ත්‍රික්කය – රත්නපුර, නිවිතිගල, කලවාන, ගොඩකවෙල, ඇහැලියගොඩ, කිරිඇල්ල, කොළොන්න, බලංගොඩ, කහවත්ත, ඉඹුල්පේ, විවෘතනායක, පැල්මඩුල්ල, අයගම, කුරුවිට, ඇලපාත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form