දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගුයි

දිවයිනේ ප්‍රදේශ රැසක පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව අද (27) රාත්‍රියේ කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වීමට නියමිතව තිබු රාත්‍රී තැපැල් දුම්රිය සහ බදුල්ලේ සිට කොළඹ කොටුව බලා ගමන් කිරීමට නියමිතව තිබු තැපැල් දුම්රිය අවලංගු කිරීමට තීරණය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.

මේ අතර මඩකලපුව දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය පොළොන්නරුව දුම්රිය ස්ථානයට සීමා කර ඇති අතර උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය ද දහවල් කාලයේ දී නානුඔය දුම්රිය ස්ථානය දක්වා සීමා කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form