දේශබන්දු අධිකරණයට භාරවේ!

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරෙන්තු නිකුත් කර සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මීට සුළු මොහොතකට පෙර මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණ තිබේ.

මෙම සිද්ධියට අදාළව මාතර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් ලබා ගැනීම සඳහා දේශබන්දු තෙන්නකෝන් මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම, අභියාචනාධිකරණය විසින් පෙරේදා (17) විභාගයට ගැනීමකින් තොරව නිෂ්ප්‍රභ කිරීමට තීරණය කරන ලදී.

ඒ අනුව, දේශබන්දු තෙන්නකෝන් මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණයේ විනිසුරු මඩුල්ල විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණි.

මෙවැනි පසුබිමක් තුළ අද (19) පෙරවරුවේ ඔහු මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form