නන්දන ගුණතිලකගේ මරණය සැකසහිතද? ආදාහනය නවතයි – භූමදානයට තීරණයක්

රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ හිටපු අමාත්‍ය නන්දන ගුණතිලක මහතාගේ මරණය සැකසහිත බව ඔහුගේ පවුලේ ඥාතීන් පවසති.

මෙම සැකය හේතුවෙන්, අද (ජනවාරි 21) පැවැත්වීමට නියමිතව තිබූ අවසන් කටයුතු සම්බන්ධයෙන්ද වෙනසක් සිදු කර ඇති බව වාර්තා වේ.

පවුලේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ, පෙර සැලසුම් කර තිබූ පරිදි දේහය ආදාහනය කිරීම වෙනුවට, භූමදානය කිරීමට මේ වන විට කටයුතු සූදානම් කර ඇති බවයි.

මරණය සම්බන්ධයෙන් පවතින සැකය මත, ඉදිරියේදී අවශ්‍ය වුවහොත් දේහය නැවත ගොඩගෙන වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමට ඇති හැකියාව සැලකිල්ලට ගනිමින් මෙම තීරණයට එළඹ ඇති බව ද ඥාතීන් සඳහන් කරති.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන ලෙස අදාළ බලධාරීන් වෙත දැනුම් දීමට ද පවුලේ ඥාතීන් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form