නව කථානායකවරයෙක් හෙට දිනයේ…

පාර්ලිමේන්තුව හෙට (17) දිනයේ දී රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව මෙම සතිය තුළ පාර්ලිමේන්තුව රැස්වී හෙට සහ අනිද්දා යන දින දෙක සඳහා සීමාවනු ඇත.

මෙහිදී දැනට පුරප්පාඩුව පවතින කථානායක ධුරය සඳහා නව කථානායකවරයෙකු තෝරා පත්කර ගැනීමට නියමිතව ඇත.

ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේ කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ වනු ඇති බවයි වාර්තා වන්නේ.

හෙට උදෑසන 9.30 සිට 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කරන ප්‍රශ්න සඳහා මීට ප්‍රථම වෙන්කර තිබුණා.

කෙසේවෙතත් නව කථානායකවරයෙකු තෝරා පත්කර ගැනීම ආරම්භයේ දී ම සිදුවන අතර ඒ සඳහා යම් වේලාවක් ගත වනු ඇති බව ද සඳහන්.

කථානායකවරයා ලෙස කටයුතු අශෝක රන්වල මහතාගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා පිළිගැනීමත් සමග මේ වන විට 10වන පාර්ලිමේන්තුවේ කථානායක ධුරය පුරප්පාඩුව පවතී.

කෙසේවෙතත් කථානායක ධුරය සඳහා ආණ්ඩු පක්ෂයෙන් මේ වන විටත් නම් 3ක් යෝජනා වී ඇති අතර වත්මන් නියෝජ්‍ය කථානායකවරයාගේ නම ද ඒ සඳහා යෝජනා වී ඇති බව සඳහන්ය.

පවතින තත්වය තුළ නව කථානායකවරයා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් අද දිනයේ දී පැවැත්වෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form