නාමල්, යෝෂිතට අධි චෝදනාපත්‍ර – අත්අඩංගුවට සූදානමක්…

ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා ඇත්තේ, නාමල් රාජපක්ෂ සහ යෝෂිත රාජපක්ෂ යන දෙදෙනාට අධිචෝදනා පත්‍ර භාරදී ඇති බවත්, කෙහෙළිය රඹුක්වැල්ල සහ මර්වින් සිල්වා යන දෙදෙනාට ඉතා ඉක්මනින් අධිචෝදනා පත්‍ර භාරදෙන බවත්ය.

ජනාධිපතිවරයා මෙසේ පවසා ඇත;

“ලංකාවේ දැනට සිදුවන බොහෝ පරීක්ෂණ මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා ඉදිරිපත් කර තිබෙනවා. නමුත් එය ප්‍රමාණවත් නොවෙයි. ඊළඟට කළ යුත්තේ, එම තොරතුරු මත පදනම්ව මහාධිකරණයේ අධිචෝදනා ගොනු කර නඩුවක් ආරම්භ කිරීමයි. එය තමයි අවසන් පියවර. ඉන්පසු නඩු විභාගයක් පවත්වා දඬුවම් ලබාදීමේ බලය තිබෙන්නේ අධිකරණයටයි.

රාජ්‍ය ආයතනවල වගකීම වන්නේ, විමර්ශනය කර අධිචෝදනා පත්‍ර මහාධිකරණයේ නඩුවක් දක්වා ගොනු කිරීමයි. දැන් කෙහෙළිය රඹුක්වැල්ලගේ විමර්ශනය අවසන් වෙමින් පවතිනවා. ඔහුට ඉතා ඉක්මනින් අධිචෝදනා පත්‍ර භාරදෙනවා. මර්වින් සිල්වාගේ විමර්ශනයත් අවසන් වෙමින් තිබෙනවා. ඔහුටත් ඉතා ඉක්මනින් අධිචෝදනා පත්‍ර භාරදෙනවා.

නාමල් රාජපක්ෂට ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් අධිචෝදනා පත්‍ර භාරදී තිබෙනවා. යෝෂිත රාජපක්ෂටත් අධිචෝදනා පත්‍ර භාරදී ඇති. ආච්චිට… පවු… ඇය අධිකරණයට පැමිණෙන විට අපිටත් ටිකක් හිතට වේදනාවක් දැනෙනවා. නමුත් ඇයත් මේවාට සම්බන්ධ වී ඇත්නම්, ඇයටත් අධිචෝදනා පත්‍ර භාරදෙනවා.

එසේම, පසුගිය කාලයේ සිදුවූ ඝාතන සම්බන්ධයෙන් විමර්ශන අවසන් කර ඇති ඒවා තිබෙනවා. ඒවාට ඉතා ඉක්මනින් නීතිපති දෙපාර්තමේන්තුවෙන් අධිචෝදනා පත්‍ර ලබාදෙනවා. ඉන්පසු, අධිකරණයේදී නීතිපති දෙපාර්තමේන්තුවේ සහ අල්ලස් කොමිසමේ නීතිඥවරුන් ගොස් කරුණු ඉදිරිපත් කරනවා. අධිකරණය තීරණයක් ගනී.” මෙම ප්‍රකාශය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ජර්මනියේදී ශ්‍රී ලාංකිකයන් හමුවූ අවස්ථාවේදී සිදුකර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form