නාසාහි සඳ මෙහෙයුම වසර 3කින් කල් යයි

ගගනගාමීන් නැවත සඳ වෙත යැවීමේ සැලසුම් (NASA’s Artemis program) තවදුරටත් ප්‍රමාද කරන බව, එක්සත් ජනපද අභ්‍යවකාශ ඒජන්සිය වන නාසා නිවේදනය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් නාසා ඒජන්සිය සඳහන් කරන්නේ 2026 දී සඳ මතට ගොඩබෑමේ සැලසුම්ගත මෙහෙයුම 2027 වසර තෙක් සිදු නොවන බවයි.

මීට අමතරව, 2025 සැප්තැම්බර් මාසයේදී ගගනගාමීන් සඳ වටා පියාසර කිරීමට නියමිතව තිබූ ‘පාත්ෆයින්ඩර් මෙහෙයුම’ (pathfinder mission) ද 2026 වසරේ අප්‍රේල් මාසයට පෙර සිදු නොවනු ඇති බව සඳහන්.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, මෙම ප්‍රමාදයන්ට හේතුව චන්ද්‍ර මෙහෙයුම් දෙකේදීම ගගනගාමීන්ගේ නිවහන වන ඔරියන් අභ්‍යවකාශ යානයෙ හි ගැටළු සමඟ සම්බන්ධ වන බවයි.

එනම්, පරීක්ෂණ පියාසැරියෙන් අනාවරණය වුණු කැප්සියුලයේ තාප ආවරණයේ ගැටලු විසඳීමට කාලයක් අවශ්‍ය වන බව වැඩිදුරටත් සඳහන්  කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form