නිවෙස්වල ඉන්ධන රැස්කර කලොත් වෙන දේ ?

මැදපෙරදිග ඇතිවී තිබෙන තත්ත්වය හමුවේ මෙරට ඉන්ධන හිඟයක් ඇති නොවන බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පවසනවා.

ප්‍රමාණවත් තරම් ඉන්ධන සංචිත රට තුළ පවතින බැවින් අනීත බියක් ඇති කර නොගන්නා ලෙසයි අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

මේ අතර, පෝලිම්වල සිටිමින් බලපත්‍රයක් නොමැතිව නිවාසවල ඉන්ධන තොග රැස්කර ළඟ තබාගැනීම නීතිවිරෝධී කටයුත්තක් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

එහි සභාපති ඩී ජේ රාජකරුණා මහතා පැවසුවේ අදාල පුද්ගලයන් පිළිබද සොයා බලමින් දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසියට හැකියාවක් ඇති බවයි.

තෙල් තොග රැස් කරන්නන් පිළිබඳව යම් තොරතුරක් ඇත්නම් ඒ පිළිබද පොලීසිය දැනුවත් කරන ලෙසයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී ජේ රාජකරුණා මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form