පඩි වැඩි කරන තුරු 25,000ක් දෙනු..- ගුරු සටන් යලි අවුලයි..

රාජ්‍ය සේවයේ පවතින බරපතළ වැටුප් විෂමතා ඉවත් කරන තුරු විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට රුපියල් 25,000ක දීමනාවක් ලබා දෙන ලෙස ඉල්ලන්නේ යැයි සමගි අධ්‍යාපන සේවක සංගමය සහ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය රජයෙන් ඉල්ලා සිටී.

සුබෝධනී කමිටුව අනුව මීළඟ අයවැයෙන් ගුරු විදුහල්පති වැටුප් වැඩි කිරීම් සිදු කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ යැයිද වෘත්තීය සමිති සන්ධානය අවධාරණය කරයි.

වැටුප් වැඩි කරන තුරු ජීවන අංකය ලෙස සොච්චම් මුදලක් දීම තේරුමක් නැති වැඩක් බවත් ඔවුහු පවසති. ” සමගි ජන බලවේගයේ ජාතික වෘත්තීය සමිති ලේකම් ප්‍රියන්ත පත්බේරිය මහතා මෙසේ පැවැසුවේය.

වත්මන් ආණ්ඩුවේ ඇමැති ධුර දරන වසන්ත සමරසිංහ, මහින්ද ජයසිංහ යන මහත්වරුන් සමඟ ගුරු හා විදුහල්පති වැටුප් වැඩි කර ගැනීමට පසුගිය කාලයේ ඔවුන් එකට එකතු වී රනිල් – රාජපක්ෂ ආණ්ඩුවට විරුද්ධව මහ පාරේ අරගල කළ බවද ඒ මහතා පැවැසීය.

වැටුප් විෂමතා ගැටලු විසඳන තුරු රුපියල් 25,000ක දීමනාවක් දෙන්නැයි රනිල් මහතාගේ ආණ්ඩුව සමඟ අරගල කළ බවත් ඔහු කීවේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙදර යැව්වේ ගුරුවරුන් මූලික වී කළ පළමු අරගලයෙන් බවත් ඔහු කීවේය. වත්මන් ආණ්ඩුව ගුරු විදුහල්පති වැටුප් වැඩි කරන බවත් සමස්ත රාජ්‍ය සේවයේ වැටුප් සියයට 25කින් වැඩි කරන බවත් මැතිවරණයට පෙර කීවේ යැයිද ඒ මහතා පැවැසුවේය.

මේ අනුව උදය ආර්. සෙනෙවිරත්න කමිටුව අනුව රාජ්‍ය සේවකයන්ටත් සුබෝධනී කමිටුව අනුව ගුරු, විදුහල්පතිවරුන්ටත් මේ වසරේ අය – වැය ඔස්සේ වැටුප් වැඩි කිරීම අත්‍යවශ්‍ය බව පත්බේරිය මහතා කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form