පළාත් පාලන ආයතනවලට තේරීපත්වූ සභිකයින් 223කගේ නම් මෙතෙක් ලැබී නෑ – මැතිවරණ කොමිසම

පළාත් පාලන ආයතන ආයතනවලට තේරීපත්වූ සභිකයින් 223කුගේ නම් මෙතෙක් ලැබී නැතැයි, මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා පැවසුවේ එම නාම යෝජනා කඩිනමින් යොමුකරන ලෙස පක්ෂවලට හා ස්වාධීන කණ්ඩායම්වලට යළි  දැනුම් දුන් බවයි.

කොමිසම වෙත ලැබුණු සභිකයින් 104 දෙනෙකුගේ නම් ඊයේ (13) දිනයේත් ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබේ.

පසුගිය මස 6 වැනිදා පැවැති පළාත් පාලන ඡන්ද විමසීමෙන්, බහුතර පළාත් පාලන ආයතන සංඛ්‍යාවක ජය තහවුරු කරගැනීමට ජාතික ජන බලවේගය සමත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form