ප්‍රතිසංස්කරණ මේ වසරේම ක්‍රියාත්මක කරන්නැයි මානව හිමිකම් කොමිසමට පෙත්සමක්

2026 වර්ෂයේ 6 ශ්‍රේණිය සඳහා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළ විෂයමාලාවන් ඒ අයුරින්ම ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයට නිර්දේශ කරන ලෙස ඉල්ලා, මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

මෙම පැමිණිල්ල සමඟ, දෙමව්පියන් පිරිසක් විසින් අත්සන් තබන ලද පෙත්සමක්ද මානව හිමිකම් කොමිසමට භාර දී තිබේ.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය බව පෙන්වා දෙමින්, දෙමව්පියන්ගේ නියෝජිත පිරිසක් විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ඔවුන් පෙන්වා දෙන්නේ, දරුවන්ගේ අධ්‍යාපන ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා 6 ශ්‍රේණියට අදාළව සැලසුම් කර තිබූ නව විෂයමාලා ප්‍රතිසංස්කරණ ප්‍රමාදයකින් තොරව ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form