ප්‍රධාන මාර්ග දෙකක් වසා දමයි

මාර්ග සංවර්ධන අධිකාරිය විසින්, මහනුවර සහ මහියංගන මාර්ග කිහිපයක් නැවත දැනුම්දෙනතුරු වසා දැමීමට පියවර ගෙන තිබේ.

තැන්නේකුඹුර – රිකිල්ලගස්කට- රාගල මාර්ගය සහ මහනුවර – මහියංගනය – පදියතලාව අතර මාර්ග මෙලෙස වසා දැමීමට පියවර ගෙන ඇත.

අයහපත් කාලගුණය හේතුවෙන් මෙම මාර්ග මතට ගල් කඳු කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයයේ රථවාහන ධාවනයට බාධා එල්ලව තිබුණි.

ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිර්දේශ කර තිබෙන්නේ, එම මාර්ගයන්ට ඉහළින් ඇති ගල් කොටසක් ඉවත් කරන තෙක් මාර්ගය මතුපිට ඇති ගල් ඉවත් කිරීම අවදානම් වන බවයි.

ඒ අනුව නැවත දැනුම් දෙන තුරු එම මාර්ග කොටසෙහි රථවාහන ධාවනය අත්හිටුවීමට එම අධිකාරිය පියවර ගෙන ඇත.

මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම් දී තිබේ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form