ප්‍රමිතියෙන් තොර ජල බෝතල් නිෂ්පාදනය කෙරූ ආයතනයකට වැඩ වරදියි

ව්‍යාජ තොරතුරු ඇතුළත් කරමින් තොරතුරු වෙනස් කර පානීය ජල බෝතල් නිෂ්පාදනය කළ ආයතනයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් වටලා තිබේ.

ලද පැමිණිල්ලකට අනුව එම අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් මාවනැල්ල හෙන්මාතගම ප්‍රදේශයේදී අදාළ වැටලීම සිදුකර තිබේ.

එහිදී සෞඛ්‍ය අමාත්‍යංශය ලබාගත් ලියාපදිංචි සහතිකය කල් ඉකුත්ව තිබියදී එම තොරතුරු ව්‍යාජ ලෙස යොදා ගනිමින් අදාළ පානීය ජල බෝතල් නිෂ්පාදනය කර ඇති බව හෙළිව තිබේ.

මෙහිදී නිෂ්පාදනය කර බෙදාහැරීම සඳහා සූදානම් කර තිබූ මිලිලීටර් 500 ජල බෝතල් 1,904ක්, ලීටරයේ ජල බෝතල් 484ක්, ලීටර් එකහමාර ජල බෝතල් 576ක් හා ලීටර් 19 ජල බෝතල් 34ක් නිලධාරීන් භාරයට ගෙන තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවේ පනතට අනුව තමන්ට නොමැති ප්‍රමිතියක් හෝ අනුග්‍රාහකත්වයක් ඇති බවට ව්‍යාජ ලෙස හුවා දැක්වීම වරදක් වන බැවින් අදාළ ව්‍යාපාරික ආයතනයට එරෙහිව ඉදිරියේදී නඩු පැවරීමට නියමිත බවය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form