පාර්ලිමේන්තුව අද රැස්වෙයි

 පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30ට රැස් වෙයි.

පෙ.ව 9.30 සිට පෙ.ව. 10.00 දක්වා  කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව 10.00 – පෙ.ව 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ. පෙ.ව 11.00 – 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන්කර ඇත.

අනතුරුව පෙ.ව 11.30 – ප.ව 5.00 කාලය බුද්ධිමය දේපළ පනත යටතේ රෙගුලාසි විවාදයට ගැනීමට නියමිතයි. ප.ව 5.00 – ප.ව 5.30 දක්වා ආණ්ඩු පාර්ශ්වය හා විරුද්ධ පාර්ශ්වය විසින් සභාව කල් තබන අවස්ථාවේ ඉදිරිපත්කරනු ලබන ප්‍රශ්න දෙකක් සඳහා කාලය වෙන්කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form