පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහි අල්ලස් කොමිසමේ විමර්ශනයක් අවසන්

ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සිදුකළ බව කියන දූෂණ ක්‍රියාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහි විමර්ශන කටයුතු අවසන් කර ඇතැයි, අල්ලස් කොමිසම අද (නොවැම්බර් 18 වැනිදා) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම ඉදිරියේ අද කැඳවනු ලැබිණි.

පැමිණිල්ල කුමක් ද?

අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් කර විමර්ශන ගොනු අල්ලස් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර ඇති බවයි.

ඒ අනුව මෙම නඩුකරයට අදාළ ඉදිරි පියවර දැනුම්දීම සඳහා දිනයක් ලබා දෙන ලෙස අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ඒ අනුව අදාළ පැමිණිල්ල යළි ජනවාරි මස 20 වනදා කැඳවීමට නියම කෙරුණි.

2016 වසරේ ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් එම පළාතේ පෙර පාසල් දරුවන්ට පාසල් බෑග් ලබාදීම සඳහා ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් අනුග්‍රහයක් ඉල්ලා එම බැංකුව එය ප්‍රතික්ෂේප කළ පසු අදාළ පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු ගිණුම් 06 ක් කල් පිරීමට පෙර ඉවත් කිරීම තුළින් අදාළ පළාත් සභාවට රුපියල් ලක්ෂ 173කට අධික පාඩුවක් කළේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහිව අල්ලස් කොමිසම මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

උපුටාගැනීම BBC සිංහල

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form