පැනගිය සිරියානු හිටපු ජනපති රුසියාවේ

සිරියාවෙන් පළාගිය හිටපු ජනාධිපති බෂාර් අල්-අසාඩ් මේ වනවිට රුසියාවේ මොස්කව් නගරයට ගොස් ඇති බව රුසියානු මාධ්‍ය සඳහන් කරයි.

රුසියාව හිටපු ජනපතිවරයාට සහාය දුන් ප්‍රමුඛ පාර්ශ්වයකි.

රුසියානු බලධාරීන් පවසන්නේ අසාඩ් ට සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් ට රුසියාවේ සරණාගතභාවය ලබාදෙන බවයි.

Hayat Tahrir al-Sham නම් සංවිධානයට අයත් කැරලිකරුවන් නොවැම්බර් 27 වනදා අසාඩ් පාලනයට එරෙහිව ප්‍රහාර දියත් කළේය.

ඉන්පසු දින කිහිපයක් තුළදී එරට ප්‍රධාන නගර සිය ග්‍රහණයට ගැනීමට කැරලිකරුවන් සමත්විය.

ඔවුන් ඊයේ (08) ඩැමස්කස් නගරය ට ඇතුළු වුණු අතර පසුව වාර්තා වූයේ ජනාධිපති අසාඩ් ගුවන්යානයකින් එරටින් පළාගිය බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form