පෞද්ගලික අංශයට සහල් ආනයනය කිරිමට අවසර දීමට රජය තීරණය කර තිබේ.
කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, ඊයේ පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඒ පිළිබදව සාකච්ඡා කළ බවයි.
එහිදි පෞද්ගලික අංශයට සහල් ආනයනය කිරීමට අවස්ථාව ලබාදීමට කැබිනට් අමාත්‍යවරුන් සියලු දෙනාගේ එකඟත්වය ලැබී තිබේ.
ඒ අනුව කඩිනමින් පෞද්ගලික අංශය මගින් මෙරටට අවශ්‍ය සහල් තොග ආනයනයට පියවර ගනු ඇති.
ඕනෑම සහල් වර්ගයක් ආනයනයට හැකියාව ඇතැයි, කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ ය.