පොලිස් සමාජ ජාලා ගිණුම් ආපසු ගනී.. කෑල්ලක් තවම මුදා නොගත් කලාපයේ..

ශ්‍රී ලංකා පොලිසියේ නිල ෆේස්බුක්, ටික්ටොක්, ඉන්ස්ටග්‍රෑම්, එක්ස් යන ගිණුම් සහ යූටියුබ් නාලිකාව 2024.12.30 වන දින සවස් කාලයේ සිට සයිබර් ප්‍රහාරයකට ලක්වී ඇත.

මේ වන විට නිල ෆේස්බුක්, ටික්ටොක්, ඉන්ස්ටග්‍රෑම්, එක්ස් යන ගිණුම් නැවත ශ්‍රී ලංකා පොලිසියේ පාලනය යටතට ගෙන ඇති අතර පොලිස් යූටියුබ් නාලිකාව මෙතෙක් ශ්‍රී ලංකා පොලිසියේ පාලනයට නතු වී නොමැත.

එය යථාතත්වයට පත් කර ගැනීම සඳහා තොරතුරු තාක්ෂණ කොට්ඨාසයේ නිලධාරීන් කටයුතු කරමින් සිටි.

මෙම සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් පරිඝණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form