පොලීසිය සඳහා වෙනම වැටුප් ව්‍යුහයක්

පොලීසිය සඳහා වෙනම වැටුප් ව්‍යුහයක් සැකසීමට මේ වන විට සූදානම් කටයුතු සිදු කරමින් පවතින බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

අද (10) පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ඒ සඳහා අදාළ කෙටුම්පතක් දැනටමත් වැඩබලන පොලිස්පතිවරයා විසින් සකස් කර ඇති බවත් ආනන්ද විජේපාල මහතා පැවසුවේය.

මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර 2026 වසරේ අයවැය යෝජනාවලට ඇතුළත් කිරීමට හැකි වැටුප් ව්‍යුහයක් ඉදිරිපත් කිරීමේ ශක්‍යතාව පිළිබඳ සොයා බලමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

පොලිස් සේවයේ පවතින විශාල ගැටලු රැසක් විසඳීමට රජය මේ වන විට ක්‍රියාත්මක වෙමින් සිටින බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form