පොසොන්ට දන්සල් 7,021ක්

පොසොන් උත්සවයට සමගාමීව අද (8) වන විට දිවයින පුරා දන්සැල් 7021ක් ලියාපදිංචි වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

මිහින්තලේ පුදබිම ආශ්‍රිතව දන්සැල් 98ක් සහ අනුරාධපුර පූජා නගරය ආශ්‍රිතව දන්සැල් 193ක් ලියාපදිංචි වී ඇති බව එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසීය.

දන්සැල් පරීක්ෂා කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2500ක් යොදවා ඇති බවත්, උතුරු මැද පළාතේ වැඩි දන්සැල් ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇති නිසා එම ප්‍රදේශයේ පරීක්ෂණ සඳහා වැඩි නිලධාරීන් පිරිසක් යෙදවීමට සැලසුම් කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form