බංග්ලාදේශ මහ මැතිවරණයෙන් BNP පක්ෂයට බහුතර බලයක්

බංග්ලාදේශ මහ මැතිවරණයෙන් BNP (Bangladesh Nationalist) පාර්ලිමේන්තු ආසන 300න් 209ක් දිනාගැනීමට සමත්ව ඇති බව එරට මාධ්‍ය තහවුරු කරයි.

ඒ අනුව එම පක්ෂයේ නායක, හිටපු අගමැතිනි කලීසා සියා පුත් තාරික් රහ්මාන් බංග්ලාදේශයේ මීළඟ අග්‍රාමාත්‍යවරයා බවත් පත්වනු ඇත.

2024 වසරේ බංග්ලාදේශයේ පැවති දැවැන්ත විරෝධතා මාලාවෙන් අනතුරුව පැවැත්වුණු එරට පැවැත්වූ පළමු මහ මැතිවරණය මෙය වේ.

නව අග්‍රාමාත්‍යවරයකු තෝරා පත්කර ගැනීම මෙන්ම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා ජනතා අනුමැතිය ලබා ගැනීමද මෙම මැතිවරණයේ ප්‍රධාන අරමුණු විය.

ඒ අනුව එරට ඉතිහාසයේ ඡන්ද විමසීම් දෙකක් එකවර පැවැත්වෙන පළමු අවස්ථාව ලෙස ඉතිහාසයට එක්විය.

කෙසේ නමුත් ධුරයෙන් පහකළ එරට හිටපු අග්‍රාමාත්‍ය ශෙයික් හසීනාගේ අවාමි ලීගයට මෙවර මැතිවරණය සඳහා තරග කිරීම තහනම් කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form