බණ්ඩාරවෙල මහ නගර සභාව, මාලිමාවට

විපක්ෂයේ පක්ෂවලට වැඩි මන්ත්‍රි ධුර සංඛ්‍යාවක් හිමිව තිබූ බණ්ඩාරවෙල මහ නගර සභාවේ බලය මන්ත්‍රිවරු 05 දෙනකු පමණක් සිටි ජාතික ජන බලවේගයට හිමිවුණා.

ඒ නගරාධිපතිවරයා තෝරා ගැනීම සඳහා අද පැවති ඡන්ද විමසීමේදී ස්වාධීන කණ්ඩායම් දෙකක මන්ත්‍රිවරුන් දෙදෙනෙකුගේ සහය ද ජාතික ජන බලවේගයට හිමි වීමත් සමඟයි.

පසුගිය පලාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී බණ්ඩාරවෙල මහ නගර සභාවේ සභික ධුර 16න් වැඩි සභික ධුර සංඛ්‍යාවක් ජාතික ජන බලවේගයට හිමිවූ තිබුනත් විපක්ෂයේ සියලු පක්ෂවල සභිකයන්ගේ එකතුව ඊට වැඩි වුණා.

ඒ අනුව ජාතික ජන බලවේගයට සභික ධුර 06ක් හිමිවෙද්දී විපක්ෂයට සභික ධුර 10ක් හිමිවී තිබීම නිසා විපක්ෂයෙන් ඒකාබද්ධව නගරාධිපතිවරයෙකු පත් කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ වුනා.

ඒ සඳහා ඡන්ද විමසීම අද දිනයට නියමිතව තිබුනත් සමගි ජන බලවේගය තමන්ට ලැයිස්තුවෙන් හිමිවූ මන්ත්‍රි ධුර 03 ට පුද්ගලයින් නම් කර තිබුණේ නැහැ.

ඒ අනුව අද වන විට ගැසට් කර තිබුණේ ජාතික ජන බලවේගයේ සභිකයන් 06 දෙනාගේ සහ විපක්ෂයේ සෙසු 07 දෙනාගේ නම් පමණයි.

ස්වාධීන කණ්ඩායම් අංක එක සඳහා මන්ත්‍රී ධූර 05ක් හිමිවූ අතර සමගි ජන බලවේගයට හිමි මන්ත්‍රී ධුර සංඛ්‍යාව 03ක්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහ ස්වාධීන කණ්ඩායම 02කට එක් මන්ත්‍රී ධුරය බැගින් හිමිවුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form