බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අද යළි අධිකරණයට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගනු ලැබූ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් හේරත් මුදියන්සේලාගේ තුෂාර නිශාන්ත උපුල්දෙණිය මහතා අද (11) යළි කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ඔහුව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව, ඊයේ (ජුනි 10) ඔහුව අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති අතර, එහිදී කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා විසින් ඔහුව 2025 ජුනි 11 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

මෙම අවස්ථාවේදී, විමර්ශන කටයුතු තවමත් සිදුවෙමින් පවතින බැවින්, සැකකරු විසින් ඉදිරිපත් කරන ලද ඇප ඉල්ලීම සලකා බැලිය නොහැකි බව මහෙස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර ඇත. එසේම, මෙම නඩුව හෙට (ජුනි 12) ස්ථිර මහෙස්ත්‍රාත් හමුවේ කැඳවීමට නියෝග කර ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form