බාර් රැසක් අලුතින් විවෘතයි.. තවත් මග එනවා…

ඉකුත් රජය සමයේ නිකුත් කරන ලද මත්පැන් අලෙවි බලපත්‍රවලට අදාළව ශ්‍රීපාද නල්ලතන්නිය ඇතුලු නුවරඑලිය දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිත ප්‍රධාන නගරවල සහ එම ප්‍රධාන නගරවලට පිවිසෙන මාර්ග අභියස ගත වූ මාස කිහිපය තුල අලුතින් මත්පැන්සල් ගණනාවක් විවෘත කර ඇත.

එම බලපත්‍රවලට අදාළව තවත් මත්පැන්සල් ගණනාවක් ඉදිරි දින වලදී විවෘත කිරිමට නියමිත බවත්, ඒ අනුව එක් නගරයක මත්පැන්සල් සිල්ලර වෙළදසැල් හා සමානව ඇති බවයි වතුකම්කරුවන් කියා සිටින්නේ.

නුවරඑලිය දිස්ත්‍රික්කයේ වතු කම්කරුවන් ඉලක්ක කර ගනිමින් මෙම මත්පැන්සල් විවෘත කර ඇති බවත්, පවත්නා තත්වය මත වතුකරයේ තරුණ පිරිස් මත්පැන් පානයට පුරුදු වීමේ අවධානමක් පවතින බවත්, ඒ තුලින් වතුකම්කරුවන්ගේ ආර්ථික තත්වය තවත් පහළට වැටෙන බවයි අලුතින් මත්පැන්සල් විවෘත කිරිමට විරෝධය දක්වන වතුකම්කරුවන් කියා සිටියේ.

මෙම මත්පැන්සල් විවෘත කිරිම සදහා අවශ්‍ය ගොඩනැගිලි එම මත්පැන් බලපත්‍ර ලාභින් විසින් ඉතා අධික කුලී මුදලකට ලබා ගෙන ඇති බවද වතුකම්කරුවන් කියා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form