බොන අයට අසාධාරණක් නිසා අඩු මිලට අරක්කු හදලා විකුණනවා..- හදුන්නෙත්ති…

අඩු මිල ප්‍රමිතියෙන් ඉහළ මත්පැන් වෙළදපොලට හදුන්වා දීමට බලාපොරොත්තු වන බව කර්මාන්ත ඇමති සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි.

ලංකා සීනි සමාගමේ නිෂ්පාදනය වන සීනි වල ප්‍රධාන අතුරුඵලය වන එතනෝල් යොදාගනිමින් මෙම කටයුත්ත සිදු කිරීමට අදහස් කර සිටින බවත් ඒ මහතා පැවසුවේ ලංකා සිනී සමාගමට අයත් පැල්වත්ත හා සෙවනගල සිනී කම්හල් නිරීක්ෂණයට එක් වෙමිනි.

මෙම කම්හල් දෙකේ මේ වන විටත් ඇති සංචාරක බංගලා යොදා ගනිමින් eco tourism ප්‍රවර්ධනය කිරීමටත්, දැනට ලංකාව තුල ඇති නීතිවිරෝධී මත්පැන් භාවිතයට විසදුමක් ලෙස ලංකා සීනි සමාගමේ නිෂ්පාදනය වන සීනි වල ප්‍රධාන අතුරුඵලය වන එතනෝල් යොදාගනිමින් අඩු මිල ප්‍රමිතියෙන් ඉහළ මත්පැන් වෙළදපොලට හදුන්වා දීමටත්, කාබනික පොහොර නිෂ්පාදනයට හා අපනයන වෙළඳපොළ ඉලක්ක කොට කාබනික සීනි නිෂ්පාදනයට මෙහිදී අවධානයට ලක් කෙරුණි.

තවද සීනි නිෂ්පාදනය බෙදහැරීම සදහා බෙදාහැරීම් ජාලයක් ඇති කිරීමටත්, සේවකයන්ගේ ඵලදායීතාව වැඩි කරනු වස් කාර්‍ය දර්ශක සකස් කිරීමටත්, මෙහි බොහෝ කාලයක් ගැටලුවක්ව තිබූ සේවකයගේ රක්ෂණ ගැටලුව කඩිනමින් විසදීමටත්, ගොවීන්ට ජලය ලබාගැනීමේදි සිදුවන අපහසුතා මගහැරීම වෙනුවෙන් ඇල මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමට වාරිමාර්ග අමාත්‍යංශය හා එකව කඩිනම් පියවර ගැනීමට ලංකා සීනි සමාගමේ සේවකයින්, වෘත්තීය සමිති නියෝජිතයන් හා ගොවි සංගම් නියෝජිතයන් සමඟ සාකච්ඡා කෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form