අනුරාධපුර ප්‍රදේශයේ බොහෝ පන්සල් තිබියදීත් සිංහල ජනතාව උතුරු ප්‍රදේශයට පැමිණීම ජාතිවාදය ඇවිස්සීමටයි යනුවෙන් ජනාධිපති අනුර දිසානායක මහතා දෙමළ ජනතාවට පවසා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා චෝදනා කරයි.
මෙම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රීවරයා විමසා සිටියේ, තමන් දකුණට පැමිණ කුඩා පන්සලකට ගියහොත් එයද ජාතිවාදය ලෙස සලකනවාද යන්නයි.
ජනාධිපතිවරයා මෙවැනි ප්‍රකාශ සිංහල ජනතාවට පමණක් නොව, දෙමළ ජනතාවටද අහිතකර බවත්, එවැනි අදහස් හරහා සමාජය තුළ අනවශ්‍ය බෙදීම් සහ අර්බුද උත්සන්න වන බවත් රාමනාදන් මහතා සඳහන් කළේය.
ඔහු මෙම අදහස් පළ කළේ, සිංහල ජනතාව අනුරාධපුරය පසුකරගෙන උතුරු ප්‍රදේශයට සිල් ගැනීමට යාම වෛරය සහ ජාතිවාදය මත සිදුකරන ක්‍රියාවක් බවට ජනාධිපතිවරයා පසුගියදා යාපනය සංචාරය අතරතුර කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනි.