මත්ද්‍රව්‍ය කිලෝ පහක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට..

පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් නිෂ්පාදනය කරන ලද එන්.සි නැමති මෙරට තහනම් කර ඇති මත්ද්‍රව්‍ය කිලෝ 5 ග්‍රැම් 725 ක් සමග සැකකරුවෙකු හැටන් පොලිසියේ දුෂණ මර්ධන ඒකකයේ නිලධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

හැටන් ගාමිණිපුර ප්‍රදේශයේ පදිංචි අවු 50 පමණ වයසැති සැකකරු එන්.සි මත්කුඩු නිෂ්පාදනය කිරිම සදහා භාවිතා කරනු ලබන දුම්කොළ ඇතුළු අනෙකුත් අමුද්‍රව්‍ය භාවිතා කරමින් මෙම මත්ද්‍රව්‍ය තොගය නිෂ්පාදනය කර ඇති බවයි පොලිසිය විසින් කර ඇති මුලික විමර්ෂණ වලදි අනාවරණ වි ඇත්තේ.

සැකකරුගෙන් හැටන් නගරයේදි මත්ද්‍රව්‍ය ලබා ගැනිම සදහා තරුණයෙකු පැමිණි අවස්තාවේ හැටන් පොලිසියේ නිලධාරින් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන සැකකරුගේ හැටන් ගාමිණිපුර ප්‍රදේශයේ පිහිටි නිවස පරික්ෂා කිරිමේදි එන්.සි මත්ද්‍රව්‍ය සහ එම මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරිමට භාවිතා කල අමුද්‍රව්‍ය පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form