මත්පැන් මිල සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක්

2025 වසරේ ජනවාරි මස 07 වනදා මත්පැන්වල මිල වැඩිවීම් සිදුකළ බැවින් නැවතත් මේ වතාවේ මිල වැඩිවීමක් සිදුනොවන බව සුරාබදු කොමසාරිස් ජනරාල් යු.එල්. උදය කුමාර පෙරේරා කොළඹ ඊයේ (17) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් කියා සිටියා.

එමෙන්ම රාජ්‍ය සේවයේ වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පැවසුවේ, වැටුප් වැඩි කිරීමත් සමඟ රාජ්‍ය සේවකයින් අභිප්‍රේරණයෙන් යුතුව ඉදිරියේ දී ක්‍රියාකරනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

මේ අතර නීති විරෝධී මත්පැන් කටයුතු සියල්ල මර්දනය කර රාජ්‍ය ආදායම වැඩිකිරීම වෙනුවෙන් පියවර ගන්නා බව ද ඔහු වැඩිදුරටත් එහිදී ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form