මත්පැන් සමාගම් අටක නිෂ්පාදන බලපත්‍ර අත්හිටුවයි…

රජයට ගෙවිය යුතු හිඟ බදු නොගෙවන ලද මත්පැන් සමාගම් අටක නිෂ්පාදන බලපත්‍ර අත්හිටුවා තිබේ.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමති නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවට මේ බව දැනුම් දුන්නේය.

ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගමට අයත් ආයතන තුනක්, වයඹ ඩිස්ටිලරිස්, මැකලම් බබෲවරි පුද්ගලික සමාගම, ග්ලෝබ් බිලෙන්ඩර්ස් ලංකා සමාගම, කළුතර සමුපකාර සමිතිය සහ වයඹ ස්ටොරේප් කප්ලෙක්ස් සමාගම එම බදු ගෙවීම පැහැර හැරි ආයතන බව පැවසූ අමාත්‍යවරයා මින් වයඹ ඩිස්ටලරිස්, මැකලම් බෲවරි පුද්ගලික සමාගම් වලින් බදු අය කර ගැනීම සිදුවද්දී සුරා බදු දෙපාර්තමේන්තුවට එරෙහිව නඩු පවරා ඇතැයිද ප්‍රකාශ කළේය.

ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමාගමට අයත් ආයතන තුන පමණක් රුපියල් කෝටි 580 ක හිඟ බදු ගෙවා නැතැයි ද ඔහු සඳහන් කළේය.

මින් එක් සමාගමක් 2022 ට පෙරද තවත් සමාගමක් 2023 වර්ෂයේදී ද තවත් සමාගමක් මේ වසරේදීද හිග බදු මෙසේ ගෙවා නැතැයි අමාත්‍යවරයා පැවසීය.

හිඟ බදු ගෙවූ ආයතනවල බලපත්‍ර අහෝසි කර ඇති බවත් ඔවුන්ගේ දේපළ විකුණා මුදල් අයකර ගැනීමට සුරා බදු පනතෙන් හැකියාව ලැබෙන්නේ නම් රජය එය ද කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.

හිඟ බදු අය කර ගැනීමට නෛතික ක්‍රියාවලිය ආරම්භ වී ඇතැයි ද ජයතිස්ස මහතා කීවේය. සමහර ආයතන 2008 වර්ෂයේ සිට හිඟ බදු ගෙවීම පැහැර හැර ඇතැයි ද ඔහු කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form