මන්ත‍්‍රිලාට කොල්ලුපිටියෙන් නිවාස සංකීර්ණයක් ?

පාර්ලමේන්තු මන්ත‍්‍රීවරුන් සදහා රජය විසින් කොල්ලුපිටිය ප‍්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක් යොදා ගැනීමට සොයා බලමින් ඇති බව වාර්තා වෙයි.

ඒ පිලිබදව දැනටමත් ගොඩනැගිල්ලක් ගැන අවධානය යොමුව ඇති අතර එය නිරීක්‍ෂණයටද රජයේ ප‍්‍රබලයෙක් ගොස් ඇතැයිද සදහන්ය.

දුර බැහැර ප‍්‍රදේශවලින් පැමිණෙන මන්ත‍්‍රිවරුන් සදහා නවාතැන් පහසුකම් ලබා දීම සදහා මෙය යොදා ගැනීමට අදහස් කර ඇත.

මාදිවෙල මන්ත‍්‍රි නිවාස සංකීර්ණයේ නවාතැන් පහසුකම් සැපයිය හැක්කේ 120 පමණ පිරිසකටයි.

කොළඹ සිට කිලෝ මීටර 30ට වඩා ඈත පදිංචිය ඇති මන්ත‍්‍රීවරුනට කොළඹින් මන්ත‍්‍රි නිවාසයක් හිමි වන්නේ මන්ත‍්‍රී වරප‍්‍රසාද අනුවයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form