මන්ත‍්‍රීලාට රජයෙන් වාහන දෙන්න නීති නෑ.. නීති හැදුවොත් රජයට අමතර ලොකු වියදමක්…

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා රජයේ වාහන ලබාදීම සදහා වන නීතිමය ප‍්‍රතිපාදන රට තුළ ක්‍රියාත්මක නොවීම ඒ සදහා නිත්‍යානුකුල හැකියාවක් මෙතෙක් නැති බව වාර්තා වෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වාහන ලබාදීමේ ක්‍රමවේදය ලෙස දැනට ක‍්‍රමවේදය වන්නේ තීරු බදු නිදහස් වාහන බලපත්‍රයයි.

එහිදී එම වානහනයෙන් රජයට තීරු බද්ද පමණක් අහිමි අහිමිවන අතර වාහනය මුදල ඇතුළු සියළු සෙසු ගාස්තු මන්ත්‍රීවරයා විසින් ගෙවිය යුතු වෙයි.

ඒ සඳහා රාජ්‍ය බැංකු ඔස්සේ අඩු පොලියට ණය මුදලක් ද මන්ත්‍රීවරුන් වෙත ලබා දුන් අතර එම මුදල් මන්ත්‍රීවරුන්ට වාරික වශයෙන් ගෙවීමේ පහසුකම් ද සලසා දී ඇත.

එසේ ලබාගන්නා වාහනය මන්ත්‍රීවරයාට හිමිවන අතර එය නඩත්තු කිරීමේ සම්පූර්ණ වගකීම මන්ත්‍රීවරයා සිය පුද්ගලික මුදලින් සිදු කරගත යුතුව ඇත.

මන්ත්‍රීවරයකුට රියදුරෙක් සදහා වැටප් හා දුර ප‍්‍රමාණය අනුව ඉන්ධන කෝටාවක් රජයෙන්  ගෙවයි.

කෙසේ වෙතත් නව රජය විසින් අවධානය යොමු කර ඇත්තේ මන්ත්‍රීවරුන් සඳහා වාහන බලපත්‍ර අත්හිටුවා මන්ත‍්‍රී ධුරය දරන කාලයට පමණක් රජයෙන් වාහනයක් ලබාදීමටයි.

නමුත් ඒ සඳහා රජය විසින් නව නීති රෙගුලාසි සම්මත කළ යුතුව තිබේ.

ඒ අමාත්‍යවරුන් හැර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ලබාදීම සඳහා මෙතෙක් නෛතික ප්‍රතිපාදනයක් නොමැතිවීම හේතුවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form