පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.
ඒ ඊයේ දින (20) රාත්‍රී කාලයේ අනුරාධපුර, රඹෑව ප්‍රදේශයේදී රථ වාහන රාජකාරීන් සිදුකල නිලධාරීන් දෙදෙනෙකුගේ රාජකාරියට බාධා කිරීම හේතුවෙන්.
එම නිලධාරීන් දෙදෙනාට පරුෂ වචනයෙන් බැන වැදීමක් මෙන්ම අනාදරය ඇතිවන ආකාරයෙන් එසේත් නැත්නම් දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තියට වැටෙන වරදක් සිදු කර ඇති බවට කරුණු නිරීක්ෂණයවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සදහන්