මන්නාරම, පුල්මුඩේ න්‍යෂ්ටික බලාගාර තුනක්.. ආයෝජකයන් සොයයි..

මෙගා වොට් 900 ක විදුලියක් ජනනය කළ හැකි නන්‍යෂ්ටික බලාගාර තුනක් ඉදිකිරීම සඳහා සුදුසු ආයෝජකයෙකු සොයා ගැනීම වෙනුවෙන් සකස් කළ අභිලාෂය ප්‍රකාශ කිරීමේ පත්‍රයට නීතිපති දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ ලැබී ඇති බව ද ඒවා ඇතුළත් කර ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ලබන වසරේ ජනවාරි මස මුල් සතියේ දී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව ද ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ සභාපති මහාචාර්ය එස්. ආර්. ඩී. රෝසා මහතා පැවසීය.

ඉදිරිපත් වෙන යෝජනා වලින් ශ්‍රී ලංකා රජයේ කොන්දේසි වලට එකඟ වෙන සමාගමකට ව්‍යාපෘතිය පවරන බව ද බලාගාර ඉදිකිරීම වෙනුවෙන් වැය වෙන සියලු මුදල් ආයෝජක සමාගම විසින් දරනු ලැබිය යුතු බව ද කී මහාචාර්යවරයා ඒ සඳහා ශ්‍රී ලංකා රජයෙන් කිසිදු මුදලක් ආයෝජනය නොකරන බවත් බලාගාර වලින් නිපදවන විදුලිය දැරිය හැකි මිලකට රජය මිල දී ගන්නා බවත් ප්‍රකාශ කළේය.

අදාළ බලාගාර ඉදිකිරීම සඳහා සුදුසු ජනශුන්‍ය මුහුදු බඩ ප්‍රදේශ කිහිපයක් මන්නාරම සහ පුල්මුඩේ ප්‍රදේශ වලින් සොයා ගෙන ඇතැයි ද අධ්‍යයනයකින් පසු සුදුසු ස්ථාන තෝරා ගන්නා බව ද කී සභාපතිවරයා 2035 න් පසු මෙම බලාගාර ඉදිකිරීමේ කටයුතු අවසන් කිරීමට අපේක්ෂා කරන බව ද සඳහන් කළේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form