මන්මෝහන් සිං භාරතයට සමුදෙයි

ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිංගේ දේහය පිළිබඳ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය පූර්ණ හමුදා ගෞරවය සහිතව අද සිදුකෙරුණි.

මන්මෝහන් සිං භාරතයට සමුදෙයි

ඒ දිල්ලි නුවර නිගම්බෝද් ගාට් හී දිය.

ඉන්දියානු ආර්ථික පුනරුදයේ නිර්මාතෘ ලෙස සැලකෙන හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං, අසනීප තත්ත්වයක් හේතුවෙන් නවදිල්ලියේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වුණේ  පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රීයේ දී ය.

වැඩිම කාලයක් ඉන්දීය අගමැති ධුරය දැරූ නායකයෙක් වන ඔහු මියයන විට 92 හැවිරිදි වියේ පසුවුණි.

ඔහුගේ අභාවය සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්, රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් ඇතුළු ලෝක නායකයින් රැසක් ශෝකය පළකර තිබුණි.

හිටපු අගමැතිවරයාගේ නිවසේ තැන්පත් කර තිබූ දේහය කොංග්‍රස් පක්ෂ ප්‍රධාන කාර්යාලය වෙත ගෙනඑනු ලැබුවේ මහජනතාවට, කොංග්‍රස් පක්ෂ නායකයින්ට සහ විදෙස් රටවල නායකයින්ට ද දේහයට අවසන් ගෞරවට අවස්ථාව සලසමිනි.

එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද  එක්ව සිටියේය.

හිටපු අගමැතිවරයාගේ දේහය දිල්ලි නුවර රතු බලකොටු පරිශ්‍රයේ පිහිටි නිගම්බෝද් ගාට් දක්වා රැගෙන එනු ලැබුවේ, පූර්ණ හමුදා ගෞරවය සහිතව ය.

හිටපු ඉන්දීය අගමැති මන්මෝහන් සිංගේ දේහය පිළිබඳව අවසන් කටයුතු නිගම්බෝද් ගාට්හී දී පැවැත්වුණේ ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු, අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ දේශපාලන නායකයින්ගේ සහභාගිත්වයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form