මහ බැංකුව බිලියන 330ක් සොයා බැදුම්කර, බිල්පත් විකුණයි…

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දිනයේ රුපියල් බිලියන 205ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් පවත්වයි.

එමෙන්ම හෙට දිනයේදී ශ්‍රී  ලංකා මහ බැංකුව රුපියල් බිලියන 125 පහක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් සිදු කරයි.

ප්‍රාථමික අලෙවිකරුවන්ගෙන් ලංසු කැඳවනු ලැබේ. ලංසු ඉදිරිපත් කළ යුත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සපයනු ලැබ ඇති විද්‍යුත් ලංසු ඉදිරිපත් කිරීමේ පහසුකම මගින් පමණකි.

පොලිය ගෙවූ අවසාන දිනයේ සිට පියවීම කරනු ලබන දිනට උපචිත පොලිය රහිත මිල පදනම් කර බැඳුම්කර සඳහා ලංසු කැඳවනු ලැබේ.

ලංසුවක් සඳහා වන අවම මුදලට අනුගත වෙමින් අපේක්ෂිත ආයෝජකයන්ට (මහජනතාව හෝ වෙනත් ඕනෑම ආයෝජකයෙකුට) ප්‍රාථමික අලෙවිකරුවන් හරහා ලංසු ඉදිරිපත් කළ හැකිය.

වෙළෙඳපොල තත්ත්වයන් මත, මෙම වෙන්දේසියට ඉදිරිපත් කරන ලද සම්පූර්ණ ප්‍රමාණය ඉක්මවා නොයන පරිදි, එක් එක් පරිණත කාලයන්ට අදාළව ඉදිරිපත් කරන ලද ප්‍රමාණයන්ට වඩා අඩු හෝ වැඩි ප්‍රමාණයන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පිළිගනු ලැබිය හැකිය.

අපේක්ෂිත ආයෝජකයන්ට ප්‍රාථමික අලෙවිකරුවන් හෝ අනෙකුත් බලපත්‍රලාභී වාණිජ බැංකුවක් හරහා ද්වීතියීක වෙළෙඳ පොළෙන්ද භාණ්ඩාගාර බිල්පත් මිලදී ගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form