මාතර බන්ධනගාරයේ රැඳවියන් 55ක් අගුණු⁣කොළපැලැස්සට

මාතර බන්ධනාගාරයේ රැදවියන් 55 දෙනෙකු අද (02) රාත්‍රියේ අගුණුකොළපැලැස්ස බන්ධනාගාරය වෙත මාරුකර යැවීමට තීරණය කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසීය.

මාතර බන්ධනාගාරය තුළ පිහිටි බෝ ගසක අත්තක් G හා F යන වාට්ටු දෙකට කඩාවැටී හානි සිදුවීම හේතුවෙන් එම බන්ධනාගාරයේ ඉඩකඩ සීමාවීම නිසා මෙම තීරණය ගෙන ඇත.

දැඩි ආරක්ෂාව යට⁣තේ මෙම කටයුතු සිදුවන අතර, ඉඩකඩ සීමාවීම හේතුවෙන් සිය කැමැත්තෙන් මාතර බන්ධනාගාරයෙන් ඉවත්වීමට කැමති රැදවියන් මෙලෙස ඉවත් කිරිමට පියවරගෙන ඇත.

ඊයේ (01) රාත්‍රියේ සිදු වූ මෙම අනතුරෙන් එක් අයෙකු මිය ගිය අතර, තුවාල ලැබූ 11 දෙනෙකු මාතර මහ රෝහලට ඇතුළත් කරනු ලැබීය.

ඉන් 7 දෙනෙකු යළි බන්ධනාගාරය වෙත රැගෙන ඇවිත් ඇත.

තවත් තිදෙනෙකු සාමාන්‍ය වාට්ටුවල සිටින අතර, එක් අයෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form