මාත් ඡන්දෙ දුන්නෙ මාලිමාවටයි.. මස් නැති වුනත් රිලා මස් කන්න තරම් පෙරේත නෑ..

රිලා මස් කෑමට තරම් රටේ ජනතාව පහතට වැටි නොමැති බව කම්කරු ජනතා පෙරමුණේ සභාපති චමිර පෙරේරා මහතා පැවසිය.

චමිර පෙරේරා මහතා ඒ බැව් කියා සිටියේ හැටන් ප්‍රදේශයේ පෞද්ගලික උත්සව ශාලාවක මාධ්‍ය හමුවක් පවත්වමිණි.

මෙම මාධ්‍ය හමුවේදි අදහස් දැක් වු චමිර පෙරේරා මහතා කියා සිටියේ,

මහාචාර්යවරයෙක් යැයි කියන පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් කියනවා බ්‍රොයිලර් ගෙන්වන එක නතර කළොත් රිලවු, මොණර සහ දඩු ලේන් ගැටළුව විසදෙනවා කියලා;

මේ මහචාර්යවරයාගේ උපාධිය මස් කඩෙන්ද කොහේදෝ අරගෙන තියෙන්නේ, මේ වගේ රටේ ජනතාවට උපහාසයක් අපහාසයක් මිට කලින් කලේ කෙහෙලිය රඹුක්වැල්ල, ඔහු කිව්වා රෝහල් ඉස්සරහ මිනි පෙට්ටි සාප්පු තියෙන්නේ ජනතාවට කියලා.

ඊට වඩා අපහාසයක් තමයි මේ මහචාර්ය වරයා කලේ ඔහු හිතන්නේ රටේ ජනතාවට මස් ටිකක් නැති වුණොත් රිලවු, මොණර දඩුලේන් මස් කන්න තරම් පෙරේතයෝ කියලා.

අපි ඒ තරම් පහතට වැටුණු ජනතාවක්ද? ඒ තරම් බඩජාරිකමක් රටේ ජනතාවට නැ;

මේ රජය පිහිටවන්න මමත් සහය දුන්න කෙනෙක්, රජයේ ඇතැම් මැති ඇමතිවරුන් කරන ප්‍රකාශ රටේ ජනතාවගේ හාස්‍යයට ලක් වෙලා තියෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form