මාලිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩි තැබීමක් සිදුව තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසුවේ, වෙඩි තැබීමෙන් කාන්තාවක් තුවාල ලබා ඇති බවයි.
එලෙස තුවාල ලබා ඇත්තේ, අද (14) මාළිගාකන්ද අධිකරණය හමුවේ විභාග වූ නඩුවක සැකකරුවෙකුට ඇප ලබා දීමට පැමිණි පුද්ගලයෙකු සමග සිටි 40 හැවිරිදි මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර ඇතැයි, පොලීසිය සඳහන් කළේ ය.