මාලිමා ලොකුම ලොක්කෙකුගේ ගෙදරට හොරු පනී..

ජාතික ජනබල වේගයේ ප්‍රධාන ලේකම් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතාගේ හොරණ ඉලිබ අත්කම් නිවාස සංකීර්ණය පිහිටි නිවස 02 රාත්‍රී සොරු බිඳ ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය කියයි

පැමිණි සොරුන් රුපියල් 25000ක මුදලක් රැගෙන ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි

විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පවුලේ සාමාජිකයන් 02 සවස සිට එම නිවසේ සිට නැති අතර 03 පෙරවරුවේ පැමිණෙන විට නිවසේ කාමරයේ රෙදිපිලි ඇද දමා අල්මාරිය විවෘතව තබා තිබෙන අයුරු දැක විමසිලිමත් වීමේදී මුළුතැන්ගෙහි දොර සහ ජනේලයක් විවෘතව තිබෙන අයුරු වැඩිදුරටත් දැක තිබූ බව පැමිණිල්ලේ සඳහන්ය

අල්මාරිය තුළ රෙදි පිළි අතර තිබූ මුදල් මෙලෙස රැගෙන ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි

සොරුන් මුළුතැන් ගේ ජනේලයෙන් නිවසට ඇතුළු වී සොරකමෙන් අනතුරුව දොරෙන් පිටවී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී යැයි පොලිසිය කියයි

පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක සහකාර පොලිස් අධිකාරී උදය කුමාර මහත්වරුන්ගේ උපදෙස් මත හොරණ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක පි එස් පනාවල මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්ෂ්මන්ද සිල්වා මහත්වරුන් පරීක්ෂණ පවත්වයි

– Lankadeepa

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form