මාස තුනෙන් එප්පාවෙල පොස්පේට් පොහොර හදනවා කියා මා කීවේ නෑ… ගෝමික

මාස තුනෙන් එප්පාවල පොස්පේට් පොහොර හදන බවක් තමන් ප්‍රකාශ නොකළ බව විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්ති කමිටු ප්‍රධානී මහාචාර්ය ගෝමික උඩුගමසූරිය පවසයි.

“පත්තරවල හෙඩ්ලයින් ගිහින් තිබුණා මමයි කිව්වේ කියලා. මම එහෙම කවදාවත් කියලා තිබ්බේ නෑ මාස තුනෙන් දෙනවා කියලා. කවදා හදන්න පුළුවන් වෙයිද කියලා මගෙන් අහන්න එපා. ඒකට උත්තර දෙන්න ගියොත් මම අමාරුවේ වැටෙන්න පුළුවන්. මම මුලින් කීවේ මේ අවුරුද්දේ මැද වෙද්දි මේ ටික ඉවර කරගන්න පුළුවන් වෙයි කියලා. නමුත් ඒක අපහසුයි කියලා දැන් තේරෙනවා.”

පසුගියදා ස්වාධීන රූපවාහිනී වැඩසටහනකට එකතු වෙමින් මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මේ බව කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form