මා යලිත් දේශපාලන දඩයමක ගොදුරක් වෙලා…- යෝෂිත

තමන් පාසල් සිසුවෙකුව සිටියදී සිදුවූ සිද්ධියක් සම්බන්ධයෙන් වත්මන් රජය දේශපාලන දඩයමක යෙදී සිටින බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා චෝදනා කරයි.

ඊයේ පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පුරා ප්‍රශ්න කරන ලද කතරගම ප්‍රදේශයේ ඉඩමේ තමනට ඇති හිමිකමක් සම්බන්ධයෙක් කිසිදු තොරතුරක් නොමැති බවත් විමර්ශකයන්ට අනුව එම ඉඩම රජයට අයත් බවත් හෙතෙම කියයි.

2006 සිට 2007 දක්වා තමා පාසල් යන කාලයේ මෙම කාරණය මතු වූ බවත් 2023 දී අදාළ ඉඩමට ආසන්නයේ පිහිටි විහාරස්ථානයකට යම් ආධාරයක් ලබා දුන් බවත් ඔහු පැවසීය.

‘2023 දී මම මේ ආසන්නයේම තිබූ මෙම විහාරස්ථානයට යම් ආධාරයක් ලබා දුන්නා. අදාළ ඉඩම තිබෙන බවවත් මම දැන සිටියේ නැහැ.

2017 දීත් යහපාලන රජය මේ ගැන සොයා බැලුවත් එදා මගේ නම නඩුවට සම්බන්ධ වුණේ නැහැ.

දැන් මේ ආණ්ඩුව දේශපාලන වාසි තකා මාව බොරු ඉඩම් නඩුවකට පටලවන්න හදනවා’

පසුගිය යහපාලන ආණ්ඩුවද තමන්ව වෙනත් බොරු නඩුවලට පැටලවීමට උත්සාහ කළ නමුත් ඒ සියල්ලෙන් තමා නිදහස් වූ බවද යෝෂිත වැඩිදුරටත් කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form