මැතිවරණ නීති උල්ලංඝනයට පොලිසියෙන් නිවේදනයක්!

එළඹෙන පළාත් පාලන මැතිවරණයට අදාළව ඊයේ (24) දිනයේදී දිවයින පුරා පොලිස් ස්ථාන වෙත මැතිවරණ පැමිණිලි 02ක් වාර්තා වී ඇති අතර මැතිවරණ නීති උල්ලංගණය කිරීම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වීම සම්බන්ධව පොලිස් මූලස්ථානය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

පොලොන්නරුව පොලිස් කොට්ඨාසයේ සිරිපුර පොලිස් ස්ථානය වෙත ඡන්ද අපේක්ෂකයෙකුගේ නාමයට කැළලක් වන පරිදි වීඩියෝවක් මුහුණු පොතේ පළ කර ඇති බවට එම අපේක්ෂකයා විසින් පොලිසිය වෙත පැමිණිල්ලක් සිදු කර ඇති අතර තවද මාතලේ පොලිස් කොට්ඨාසයේ මහවෙල පොලිස් ස්ථානය වෙත පක්ෂයක් ප්‍රවර්ධනය වන පරිදි විශාල ප්‍රමාණයේ දැන්වීම් පුවරුවක් ප්‍රදර්ශනය කිරීමක් සම්බන්ධව ද පැමිණිල්ලක් ලැබී ඇති බව වාර්තා වේ.

ඒ අනුව එම පුවරුව ගලවා ඉවත් කිරීමට මහවෙල පොලිසිය විසින් කටයුතු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form