මිල නිසා සහල් මිල යලිත් ඉහලට ?

රජය විසින් ප‍්‍රකාශයට පත් කරන ලද වී සහතික මිල අනුව අද (05) දිනයේ සහල් පාලන මිලද ඉහල යාමේ තත්ත්වයක් මතුව තිබේ.

ඒ වී කිලෝවත තොග ගැනුම් මිල මෙන් දෙකයි දශම එක ගුණයක් ලෙස සහල් මිල තීරණය වීම නිසාවෙනි.

වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පසුගියදා රූපවාහිනි සාකච්ඡාවකදී කියා සිටියේ පාරිභෝගික අධිකාරිය අනුව සහල් කිලෝවක මිල තීරණය වන්නේ වී කිලෝවක තොග ගැනුම් මිල දෙකයි දශම එක ගුණයකින් වැඩි කිරීමෙන් බවයි.

ඇමතිවරයට අනුව නාඩු වී කිලෝ එකක් රුපියල් 120 බැගින් මිලට ගත් විට නාඩු සහල් කිලෝවක් රුපියල් 252ක්ද, සම්බා වී කිලෝවක් රුපියල් 125ට මිලට ගත් විට එම සහල් කිලෝවක් රුපියල් 262ක්ද, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 132ට මිලට ගත් විට එම සහල් කිලෝවක් රුපියල් 277ක්ද වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form